දහනවය :

kanchana amilani
1 min readMay 16, 2021

XIX• ආසාදිතපුර

සැකකාර අසල්වැසියා
පහත් කරාවිද මාස්කය,
පීනසය ඇති ඔබට කිවිසුම් යයි එවිටම
දැන් සැක කවුද?
ඇස් හිනාවෙන් බර කර
ගෙතුළට යයි අසල්වැසියා

ඇන්ටිජන්, පී.සී.ආර්
සැකසහිත වචනය දැන්
මුණු මුණුවකින් මිස
හඬගා කියනු නරක

පී.එච්.අයි එයිද ඔබ නිවසට?
ග්‍රාමසේවක එයිද ඔබ නිවසට?
ලේ ඥාතිකම් දැන් පලක් නැත
කවුරුත් කාටත් බයෙන් පසුවෙන
ආසාදිතයන් සොම්බිපුර ගෙන යන
උන් මිනිසුන්ව ආයේ ආවොත්
කාටත් සතුටු හිතෙන

කොළ අලවන, ගලවන, සඟවන
මේ මහා නොනිමෙන සටන මැද
ආසාදිතපුරයෙන් එකා, දෙන්නා පැන යන
හමුදාවරු ඒ සොයා කැලෑ පීරන
උන් සොම්බි නගරයේ ගේට්‍ටුවෙන් පනින
මුන් ආසාදිතපුර මුරකාවල් ලන
එහෙම අධම සෙල්ලමක් මැද
ඇඳක් ගැන පුරවැසියන්ට හීන පෙනෙන
ඇහැරෙන, යළි නිදන

දඩයක්කරුවන් මෙන් වැක්සීන් සොයා
තැන් තැන්වල කඳවුරු බදින
හැරී එන, පළා යන, වලි දමන, ගේට්ටු කඩන
ලදොත් තුටු වන
මහරු කාලයකි මෙය

මී වදයක, මී ඉහිරී යන්නාක් මෙන්
ජීවිත ක්ෂය වී යන්න තැත් කරන
ඇස්ටරොයිඩයක් මෙන්
වසංගතය අහසට දුවා,
කලබලව පොළොවට පාත්ව
තව ඩයිනසෝර යුගයක් උදා වෙන්නට පෙර
ගේට්ටු වසන්නට සිදු වන

කාංචනා අමිලානි• විස්සයි විසි එක• පහයි දහසය•

--

--

kanchana amilani

Founder of thinkland | poetess| journalist| Blogger| Writer|