දූපතක්•

MoogaterPictures

දීර්ඝ නැව් ගමනක් මෙන් පැද්දීමක් සහිත
'මුහුදු මත' සෑදුනාක් මෙන් හිස බමන
ඒත් අලංකාර නැවතුම් රාශියක් ඇති හෙයිනි
මෙන්න මේ පින්තූරය දුටුවේ,

පින්තූරය•
හැරී අඩක් ඇලයට
තබාගෙන අතක් හිස මත
සෙමෙන් අවුස්සන කෙටි කැරලි කොණ්ඩය

එතකොට අනෙක් අත?
.....................................
ඒ අත කම්මුලක් මත
විහිදාගෙන ඇගිලි තාරා පාද මෙන්
තට්ටු කරමින් සුළැගිල්ලෙන් දෙතොලට
උරුවම්බානවාදෝ නොදනී මම
සමහර විට ඒ පැරැණි හින්දි ගීයකි
සමහර විට සංගීතයකි

එතකොට ඔබ කවුද?
................................
මම දූපතක්. පාවෙන දූපතක්
කොහේ හෝ නවතින්න ආස දූපතක්
මේ අහන්න, මම දූපතක්•

කාංචනා අමිලානි• මාර්තු 17• 2024

kanchana amilani

Founder of thinkland | poetess| journalist| Blogger| Writer|